Monday, January 3, 2011

හීන සිත්තම පළමු කොටස

             මුළු නිවසම ආලෝකමත්ව ඇත. අළුතෙන්ම සාදන ලද වාර්නිෂ් ගැල් වූ නවතම ගෘහ භාණ්ඩ කිහිපයකින් නිකුත්වන අමුතු පුසුඹ නාස් පුඩු පසාරු කරගෙන යන බවක් නිසලට හැඟී ගියේය. තමන්ට ඉදිරයෙන් වූ පුටුව මත හිඳගෙන තමන් දෙස නිතරම හොරැහින් බලන ඒ යුවතිය නිසලට පේ‍්‍රහේලිකාවකි.
ඇය ද ඇයටම පේ‍්‍රහේලිකාවක් බවට පත්ව ඇති සෙයකි. ඔව් නිසල සිතුවා නිවැරදිය. උදෑසන ඇය සිටියේ සතුටිනි.  නමුත් දැන් වි‍සඳුමක් නොපෙනෙන ප‍්‍රශ්නයක අග ඇය සිරවී සිටින්නාක් මෙනී. නිසල සිටියේ නොඉවසිල්ලෙනි. ඒ ඇයගේ ප‍්‍රශ්නය දැනගන්නා තුරුය.  මන්ද යත් මේ දින වල ඇයගේ ප‍්‍රශ්නයක් යනු තමාද මැදිව සිටින්නක් බව හොඳින්ම දන්නා හෙයිනි.  නමුත් ඒවා මේ අමුත්තන් ඉදිරියේ කථා කල හැකිද?

නිසල අයියා බර කල්පනාවක @මෙසේ අසමින් ආලින්දයට පැමිණි මල්කිල නිසලට හා නිවේධා හට බීම පිළිගැන්වූවාය
“එහෙම දෙයක් නෑ මල්කි . හරිම කම්මැලි
“ඇයි නිසල, ඔයා නිවේධාව දන්නවානේ. කථාකර කර ඉන්න තිබුණානේ
තම මිතුරන් කිහිපදෙනෙකුවම ප්‍රධාන පාරට අසලට ඇරලවා නැවත පැමිණි සඳුන් ආලින්දයට ගොඩවෙමින් ම පැවසුවේ දුරතියාම මල්කි හා නිසලගේ කථාබහ ඔහුගේ සවනත වැකුණු හෙයිනි. නිසල සිනාසුනේ පැවසිය යුතු යමක් එකවරම මුවගට නොපැමිණි නිසාය.

ඇත්තෙන්ම නිසල නිවේධාව දැන සිටියේ ය. නිවේධා ජයසූරියව හැමදෙනාටම වඩා හොඳින් දැන සිටින්නේ නිසල යැයි පැවසීම අතිශයොක්තියක් නොවේ. නිසලත්, නිවේධාත් , මල්කිත් එකම සරසවියක එකම උපාධියක් හදාරති. නිසල ඉගෙනුම ලැබුවේ ගැහැණු ළමයින් දෙදෙනාටම වඩා ඉහළ කණ්ඩායමකය. අද මල්කිත්, ඇගේ අනාගත සැමියා වන සඳුනුත් ඔවුන්ගේ නව නිවසේ ගෙට ගෙවැදීම වෙනුවෙන් සුළු උත්සවයක් පවත්වන ලදි. මේ වන විට නිසලත්, නිවේධාත්, හැරුණු විට අනෙකුත් අමුත්තන් පිටව ගොසිනි.
“ අපොයි ඔව්. නිසල අයියා නිවේධාව දන්නවා. සඳුන් දන්නවා ද ඉස්සරම දවසේ අපිට කැම්පස් එකේ දී හම්බවුණ යාළුවා තමයි නිසල අයියා. එදා ඉඳන් අපි තුන්දෙනා යාළුවෝ. මේ දෙන්නා නම් හොඳම යාළුවෝ. මෑතක් වෙනකම්ම!!
“ඇයි මෑතක් වෙනකම්ම !!” සඳුන් විමසුවේ විමතියෙනි.
 “නිසල අයියා නිවේධාට ආදරේ කරන්න පටන් ගත්තා”
“ ඕ එහෙනම් මෙයාලා ප්‍රේමවන්තයෝ.” සඳුන් සිනාසෙමින් පැවසුවේය.
“අපෝ නෑ. ඒක එක පැත්තක ආදරයක්. දැන් මෙයාලා නයි වෛරයි. ඒක වචනයක් වත් දැන් දෙනන්නට දෙන්නා  කථා කරන්නේ නෑනේ. අපි කොච්චරවත්.........” මල්කි පැවසීමට ගිය දෑ ගිලගත්තේ ඇය පැවසූ දේ නිසා නිසලත් නිවේධාත් අපහසුතාවයට පත්වී ඇති බව දැකීමෙනි.
“ඕ...අයිම් සොරි.” මල්කි පැවසුවේය.
“අපෝ කමක් නෑ මල්කි. අනික කවදා හරි සඳුන් මේවා දැනගනීනේ” නිවේධා හද තුළ මතු වූ ගින්න සිනහවකින් වසාගනිමින් සිනාසෙමින් පැවසුවාය.
“කොල්ලෝ කෙල්ලෝ අතරේ ඔය වගේ දේවල් ද වෙන්නේ, ඔය පරණ දෙවල් අමතක කරලා සතුටින් ඉන්නකෝ..” සඳුන් කිවේය.
“හ්ම්..මට තේරෙනවා මම වරදක් කල බව” නිසල කල්පනාකාරීව කිවේය.
“නිවේධාට ආදරය කල එක ද?”
“අපෝ නෑ. ආදරේ ප්‍රකාශ කරන්න යාළුකම මාර්ගයක් කරගත්ත එක. මෙයාට තරහා ගිහින් තියෙන්නේ මම යාළුකම බාල්දු කලා කියලනේ. ආපු මුල්ම අවස්ථාවේදීම I Love You කියලයි කියන්න තිබ්බේ.” නිසල පැවසුවේ අනෙක් තිදෙනාගේම මුවගට සිනාකැන් එක් කරමිනි.
එනමුදු ඔහු පැවසුවේ සිතට දැනුනු දේය. මේ මාතෘකාව මෙතනින් නිමාවිය යුතුම යැයි නිසල සිතුවේය. ඔහුම ඒ සඳහා ආරම්භය සනිටුහන් කළේය.
“ සඳුන්...දැන් ගෙවල් දොරවල් හදලත් ඉවරයි නේ. කවදාද අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙන්නේ ?.”
“අපෝ ඒකට තව කල් තියෙනවා. මල්කිට තව කැම්පස් එකේ අවුරුදු තුනක්ම එහෙම්ම තියෙනවා. මටත් වැඩ තියෙනවා. හැමදේම අනාගතයට දැන්ම තියා සූදානම් කරගන්න එක හොඳයි නේ. අනික අද ආයේ නොඑන හොඳම නැකතක් තියෙනවා කියලා අප්පච්චි බල කරපු නිසාමයි ගෙයි වැඩත් ඉක්මන් කලේ. ගමේ සිරිත් විරිත් තදින්ම බලනවානේ.. ”
“ ඔව් ගහෙන් ගෙඩි එන්නා වගේ කසාදයක් බැඳගන්න බැහැනේ !” මල්කි පැවසූ විට නිවේධා සිනාසුණේ තම ජීවිතය ගැන සිහිකරමිනි.
“ඕ..ඇත්ත. කසාද බඳිනවා කියන්නේ ඉතින් තනිකඩ ජීවිතයට තිත තියන එකතමයි.” නිවේධාට පමණක් පෙනෙන ලෙස ඇසක් ඉඟිමරමින් පැවසූ නිසල පැවසුවේ අනෙක් අයවත් සිනහා ගන්වමිනි. මේ මොහොතේ ඔරලෝසුව මහ හඬින් නද දෙන්නට විය.
“අපොයි. රෑ 9ත් වෙලා. ඉතුරු බඩු අස්කරලා 10 වෙන්න කලින් ආපහු හොස්ටල් එකට යන්නත් ඕන. නැත්නම් මැඩම්ට යකා නගී. හෙට වැඩ නිසා සඳුනුත් රෑ 10.30 කෝච්චියේ ආපහු ගමට යනවා.” මල්කි පැවසුවාය.
“ඔව් මහන්සියි තමයි..මොනවා කරන්න ද?. ඔයාලට ගොඩක් ස්තූතියි අද ඇවිත් අපි දෙන්නට මෙච්චර උදව් කලාට.”සඳුන් පැවසුවේ කෘතඥපූර්වක වෙමිනි.
“අනේ ඔව් නිවේධා....ඔයාගේ ආඩම්බර පොඩ්ඩක් පැත්තකින් තියලා නිසල අයියගේ කාර් එකෙන්ම ඩ්‍රොප් කරගන්න. හොඳටම කළුවරයිනේ.” මල්කි යෝජනා කලාය.
“ඔව් නංගි. බස් තියෙනවාද දන්නෙත් නෑනේ.”සඳුන් පැවසුවේය.
“මට ප්‍රශ්නයක් නෑ. කරදර වෙලාවකදී උදව් කරන එක මනුස්සකමනේ..” මෙසේ පවසමින් නිසල නැඟී සිටියේ පිටත්වීමටය. සැවොම බලා සිටියේ නිවේධා දෙසය.

“කමක් නෑ. වෙලාවේ හැටියට කරන්න දෙයක් නෑනේ. අනික මම කළුවරට බයයි.” තම අත් ඔරලෝසුව දෙස බලා පැවසූ ඇය සඳුන්ට හා මල්කිට නැවතවරක් සුභපතා සෙමෙන් සෙමෙන් මයුර නීල පැහැයෙන් දිලෙන BMW වර්ගයේ කුඩා මෝටර් රථය දෙසට පියමැන්නාය.

*********************************************************************

2 ක පසුවදන් ලැබී තිබේ.:

Fioni said...

seems to be an interesting story....go on..wish u luck Ish!

Ishara said...

thank you Fioni.. continue with us this romantic novel..

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...