Wednesday, February 9, 2011

හීනසිත්තම හතරවන කොටස

“පුතා ඇයි පරක්කු වුණේ ?“ නිසලගේ තාත්තා විමසුවේය.
“සොරි තාත්තා. බස් එකේ ගමන් ගැන දන්නේ නැද්ද ?“
“වෙනදා නම් ඕකට කොච්චර ආඩපාලි කියනවාද ? මොකද අද මේ........... විශේෂ කෙනෙක් ව හම්බවුණාවත් ද?“
“හ්ම්................. මගේ ආදරය!! “ නිසල සිනාසෙමින් පැවසුවේය.


“ශාක්‍යා කොළඹ ආව ද?“
“අනේ තාත්තා......... ශාකි මගේ හොඳම යාළුවා. නතින් මොර්“
“හරි....හරි...මම දන්නවානේ මගේ කොල්ලා ගැන. යමු ඇතුළට .“ මෙසේ පැවසූ නිසලගේ පියා ඔහුවත් කැඳවාගෙන රථ වාහන අලෙවි සැලක් තුලට ඇතුළු වූවේ ය.
“තෝරන්න . පුතාට මගෙන් කාර් එකක්“
“වාව්.................. රියලි“
“මොක්ක ද විශේෂය තාත්තා ? මුලින් ඇනෙක්ස් එකක්. දැන් මේක.“  නිසල නැවතත් ඇසුවේ තමාට සුදුසු කාරය තෝරමිනි.
“පුතාට ලේසියි. ඇනෙක්ස් එකේ ඉඳන් කැම්පස් එකටත් කිලෝමීටර් 12ක් 13ක් තියෙනවනේ. ඔය පොඩි දුර බස් එකේ යන්න කරදරයි නේ.“්‍
“මේ මොණර නිල් පාටට මම හරි ආසයි. තාත්තා........... වාහනයකට වියදම් කරන්න..........“
“පුතා ඒ ගැන කලබල වෙන්න එපා. ජීවත් වෙන්නේ සතුටු වෙන්නනේ.“ නිසල පවසන්නනට යන්නේ කුමක් දැයි හොඳන්නම දන්නා හෙයින් නිසලගේ පියා පිළිතුරු දුන්නේ ය.
“නෑ තාත්තා. සතුටු වෙන්නේ ජීවත්වෙන්නයි. ජීවත්වෙන්න නම් තවත් කොච්චර ලස්සන හේතු තියෙනවා ද?“ ඒ අලංකාර තද නිල් පැහැ BMW රථය දෙස බලාගෙන නිසල කල්පනාකාරීව පැවසුවේ නිවේධාගේ මුහුණ මතකයට නඟාගන්නට උත්සහ කරමිනි.

විශේෂ වට්ටමක් සහිත මුදලකට නිසල ආශාවෙන් සිටි ඒ මයුර නිල් පැහැති මෝටර් රථයම මිල දී ගන්නට ඔවුන්ට හැකි විය. නමුත් තම ආශාව යටපත් කරගනිමින් නිසලගේ හද තුළ උපන්නේ ශෝකයකි. ඒ තම පියා තම අනාගතය වෙනුවෙන් විඳින අප්‍රමාණ දුක සිහිවීමෙනි. කුඩා කල තම මවගේ වියෝවෙන් පසු මව් ඇකය යැයි නිසල වටහා ගත්තේ පියාගේ උරතලයයි. නිසල පවුලේ එකම දරුවා විය. අවුරුදු 22 ක්ම තම පියා ඔහු වෙනුවෙන් හෙළු දාඩිය බිඳු වලට කෙසේ නම් ණය ගෙවන්න ද? ඔහුටත් නොදැනීම සිය දෑස් කඳුන් තෙත් වනු දැනුන නිසාවෙන් නිසල වහාම සිය දෑස් පිසදැමුයේ පියාගෙන් කඳුළු සඟවමිනි.

“තාත්තා.......... මම හිතාගෙන හිටියේ ආපහු බස් එකේ දී මට නිවේධාව මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙයි කියලා. දැන් ඉතින් !!!“
“ඕ........ එහෙනම් මගේ අනාගත ලේලිගේ නම නිවේධා? ලස්සනයි. මට හම්බවෙන්න පුළුවන්ද ?“
“තාත්තට එයාව මුණගස්වන්නම්............... මං එයාව දිනාගත්තාම. හමුවෙන මුල් මොහොතේම ආදරෙයි කියලා ඉවරවෙන කථාවක් නෙමෙයි  මගේ ආදර කථාව. ලේසියෙන් ඉවර වෙනවා නම් වටිනාකමක් නැහැනේ.“
“එච්චර දුර කථාවක් ද? යන්න කලින් එක වතාවක් හරි එයාව බලන්න තිබුණ නම් හොඳයි.“
“යන්න කලින්...? කොහේ ද?“
“නිසල මම නෙක්ස්ට් සන්ඩේ ආපහු යනවා“
“රට..?“
“හ්ම්“
“ඇයි මට කලින් නොකිව්වේ..?“
“කියපු ගමන් මූණ එල්ල ගන්නවානේ. ඒ  නිසා සෙනසුරාදා පුතා කැම්පස් එකට ආපහු යනකොට කියන්නම් කියලායි හිතුවේ. ඔයාගේ නිවාඩුවට ආයේ එන්න බලන්නම්. නොයා බෑනේ පුතා.“
“මට තේරෙනවා තාත්තා. කමක් නෑ. ඔයා මගෙන් දුරස් වුණාට අහිතක් නෑ. හදවතේ බැඳීම් කවදාවත් කැඩෙන්නේ නෑ.“
“මගේ පුතා.. ඔය කථා කරන්නේ දුකෙන්. සේරම අමතක කරලා අපි ඔයාගේ කාර් එකෙන් රවුමක් යමු. ඉතුරු දවස් ටික ඔයා එක්කම එන්නම්.“

මීළඟ කොටසින් නැවත හමුවෙමු

1 ක පසුවදන් ලැබී තිබේ.:

Ishara said...

We Like to have my dear readers feedback. that will help to develop our site.
Thank you all
be with us

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...