Thursday, March 24, 2011

හීන සිත්තම හයවන කොටස


නිසල පැවසුවේ තරමක් ආවේගයෙනි. එවිට නිවේධා දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය. නිසල ඒ ඇය බව හැඳිනගත්තේ එවිටයි.

“ඔයා....?“ ඔහු විමතියට පත් ස්වරයෙන් ඇසුවේය.
“නිසල නේද? ඔයා මෙහේ...?“
“යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ආවා. ඔයාගේ මාළිගාවට වුණ දේ ගැන ඇත්තටම මම කණගාටු වෙනවා.“


“ඒකට කමක් නෑ. කෙහොමත් ඒක වැලි මාලිගාවක් නේ. කොච්චර ආසාවෙන් හැදුවත් නිමේෂයකින් කඩන් වැටෙන්න නියමිතව තිබ්බ දෙයක්නේ. මගේ යාළුවව හඳුනගන්න. මෙයා විවේකා ඒකනායක. නිසල තවම මගේ නම දන්නේ නෑනේ. මම නිවේධා ජයසූරිය. විවේකා මේ ඉන්නේ නිසල.“්‍
“මම මීට කලින් මෙයා ගැන අහලා නෑනේ. කවුද මේ? කොහේදීද හම්බවුණේ? කොහොමද අඳුනන්නේ?“ විවේකා ප්‍රශ්න වැලක්ම ඇසුවාය.
“නිවේධා, මෙයා ඔයාගේ යාළුවද බොඩිගාඩ්ද.“ නිසල සිනාසෙමින් ඇසුවේ ය. නිවේධාද ඔහු සමඟ එක්ව සිනාසුනාය.
“අපි බස් එකේ දී මුණගැහුණේ“
“බස් එකේ..? ඔයා කවද්ද බස් එකේ තනියම ගියේ.? අනිත ගෙදර අච්චර වාහන තියෙද්දි..? අනිත් කාරණේ තමයි ඔයා මැරිකරන්නයි ඉන්නේ මේ විදියට පිරිමි ළමයෙක් එක්ක කථා කර කර ඉද්දි................“ විවේකා කියාගෙන ගියාය.
“මං කවද්ද මැරි කරන්න ඉන්නේ...?
“ නිවේධා සිනාසෙමින් ඇසුවේ නිසලගේ හද තුල මතු වූ ගින්න ඒ මොහොතේම නිවා දමමිනි. විවේකා නැඟිසිටියාය.
“මම යනවා. මට පරක්කු වෙනවා. එන්න යන්න.“ නිවේධා හට එසේ පවසා නිසල දෙස නොබලාම වෙරළ දිගේ ඉදිරියටම ඇවිද ගෙන ගියාය.

0 ක පසුවදන් ලැබී තිබේ.:

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...