Sunday, April 10, 2011

හීනසිත්තම හත්වන හීනය

නිසල සමාවෙන්න. එයා මට ආදරෙයි. එයා හිතන්නේ මං කොල්ලන්ගේ වචන වලට රැවටෙන සුළු, බොළඳ කෙල්ලක් කියලා. ඔහොම හැසිරුණාට විවේකා හරි හොඳයි.
“එයාගේ වරදක් නෑ. ඇත්ත........ ඔයාව ලේසියෙන් රවට්ටන්න පුළුවන්.”


“ එදා බස් එකේ දී වෙච්ච දේ මතක් වෙලාද එහෙම කිව්වේ. මම එච්චර බොළඳ නෑ.
“ ඔව්. වෙන්න පුළුවන්. ඒත් අහිංසකයි.”
“අපෝ නෑ. මම ගොඩක් නපුරුයි.”
“ඔව්. වෙන්න පුළුවන්. නපුරුයි ඒත් අහිංසකයි.” දෙදෙනාම සිණාසුනහ.
“ මම යන්නම් නිසල. අන්න අරයා නැවතිලා බලාගෙන ඉන්නවා. ජීවිත ගමන දිගයිනේ, සමහර විට අනපේක්ෂිතව අපි ආයේ හම්බවෙයි.” බිම තිබු පන්දුව නිසලගේ දෝතට දෙමින් නිරෝධා පැවසුවාය. ඉන්පසු ඈ විවේකා වෙත දිව ගියාය.
“ මොකක්ද, ඔයාට එච්චරම ඒ කොල්ලත් එක්ක තියෙන කථාව ? අනික මම බොරුවට පල් වුණා...” විවේකා දොස් කීවාය.
“ ඔයා මොකට ද බොරුවට කියවන්න ගියේ ? ගණන් ගන්න එපා. නිසල හොඳ පාටයි. අඳුනන නිසා කථා නොකරත් බෑනේ.”
“ඔයා පිරිමි ගැන දන්නේ නෑ. නිවේධා! . ඔය වගේ හැන්ඩ්සම් කොල්ලෝ තමන්ගේ රූපෙන් ප්‍රයෝජන අරගෙන කෙල්ලන් වශී කරගන්නවා. ඔයා හැරිලා බලන්න එපා. මිනිහා තාමත් අපේ දිහා බලාගෙන ඉන්නේ. යමු.යමු ඉක්මණට යමු.”

අහස දම් පැහැයක් රත් පැහැයත් මිශ්‍රිත රන්වන් වර්ණයකින් සිත්තම් වන ඒ වර්ණවත් සැඳෑවේ තමා වෙතින් වෙන්වී යන ඇය වෙත නිසල නිසලවම බලාගෙන සිටියේය. නිවේධා කෙරෙහි ඔහු තුළ උපන් ප්‍රේමය දැන් වර්ධනය වන්නට පටන් ගෙන තිබිණි. ඇය සමග කථා කරන සෑම මොහොතකම ඇයගේ මධ්‍යස්ථ වාග් විලාශය ඔහුව පුදුමයට පත්කරවීය. ඇය තව තව දුරස්ව යන විට මේ සදහටම දැයි යන සිතිවිල්ල හද තුල මතුවී හද රිදවන්නට විය. හෙට ඔහු නැවතත් විශ්ව විද්‍යාලය බලා සමනල වැව පුරවරයට යන්නේ කොළොම්පුරය හැර දමාය.
“ නෑ බය වෙන්න ඕන නෑ. මගේ ආදරය දුර්වල නෑනේ.” නිසල ඔහුටම කියා ගත්තේය. නිවේධාගේ මිතුරිය හැරි හැරී බැලුවත් නිවේධා නම් එකදු වරක් හෝ නැවත හැරී නොබැලුවාය. ඇයගේ මිතුරිය............?
හදිස්සියේම නිසලට යම් හුරු පුරුදු බවක් දැණුනි.
“ විවේකා...................... වි...........වේ....කා!! . විවේකා ඒකනායක.!!!.”
“ මොකද. තනියම කියවන්නේ?  අපි හිතුවා බෝලෙත් එක්කම උඹත් අතුරුදහනි වෙලයි කියලා. යමු... කට්ටිය බලාගෙන ඉන්නවා. ” මිතුරාගේ හඬින් පියවි ලොවට පැමිණී නිසල සිනාසෙමින් නැවත මිතුරන් පිරිවර වෙත දිව ගියේ ය.

2 ක පසුවදන් ලැබී තිබේ.:

Syed Zeeshan Ali said...

Your site is very wonderful and share very affective information.
Technology, Free Software and Best Tutorial
Keep it up.Your research is very informative
God Bless You

ITUPDATED said...

Ur site is good :) try my one too

http://itupdated.tk

or try this LINK :)

Post a Comment

හිතට හැඟුණ දේ සනිටුහන් කරමු ද?

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...