හීනසිත්තමට පුර්විකාවක්

හීන සිත්තම........ට,

පූර්විකාවක්..........................


එක්තරා දවසක මට විශ්ව විද්‍යාල පාඩම් ශාලාවේ (හැමෝම දන්න විදියට කිව්වොත් Study Hall)ඉන්න කොට මා මිතුරියක්  අත්පිටපතක් ඉතා ආශාවෙන් කියවමින් සිටියා. මං ඇගෙන් ඇහුවා “මොකක් ද බං ඔය කියවන්නේ. “මේක මේ ඉෂාරාගේ පොතක් එයා පොත් ලියනවනේ..!”. “ආ ඇත්ත ද එහෙනම් මට ඕක දෙන්න අද මම කියවලා දෙන්නම්.  “නෑ එයා පොත් දෙක තුනක් ගෙනල්ලා තියෙන්නේ වෙන එකක් ඉල්ලගන්න. ඉතින් මං මුළින්ම කියෙව්වේ ඉෂාරා පරිවර්තනය කරපු පොත ඒකේ නම තමා පියාපත්. ලස්සනයි. නමුත් ප්‍රාථමිකයි කියලා මට හිතුනා. මං ඉෂාරා හමුවෙලා කිව්වා නියම පොත ලස්සනයි කියලා. පව් නේ කියවපු ගමන් ම ඒකේ වැරදි කිව්වොත්. පස්සේ අප මිතුරියන්ගේ මුවග ඇගේ ඔය පොතේ එක්තරා වාක්‍ය ඛණ්ඩයක් නිරන්තරයෙන් රැුනා. මං ඒක සටහන් කරන්නම් මගේ මතකයේ හැටියට අනේ ! මගේ සුදු අක්කි, අපි මේ කුරිරු ලෝකයෙන් ඈත් වෙලා කොහේ හරි හො තැනකට යමුයි. මා මිතුරු දිනේෂා හරිම ලස්සන ක්‍රමයකට (ඇයටම ආවේණික) මේ වැකිය කියනවා අහන්න ඉන්න කොට මට නම් අපේ පෙරපාසල් කාලේ මකත් වෙනවා.
පස්සේ මං පොත් කිහිපයක්ම කියෙව්වා ඒ අතරින් මගේ සිත් ඇඳ බැඳ ගත් කතාවක් ලෙස හීන සිත්තම දැක්වීමට හැකිය. . ඒ සියල්ලම අප පිඨයේ සිටි පොත් රසිකයන් කියව්වේ උණු කැවුම් වගේ. සමහර අවස්ථාවල එකම පොතට අප අතර තරගයක් පවා ඇති වුණා මුළින් රැගෙන කියවීමට.  හීන සිත්තම සාම්ප්‍රදායික පෙම් කථාවක් සේ බැලූ බැල්මට පෙනුනද ඒ තුල ගැබ් වී ඇති යථාර්ථය මෙන්ම කියවෙන්නා වූ කථා වස්තුව තුළ අැය යමක් සිදු කිරීමට උත්සහ ගත්තා යැයි මට හිතේ. පසුව මවිසින් ඇයට කළ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස සිත් ප්‍රකාශන හා එක් වී මේ වෙනුවෙන් බ්ලොග් කලාපයක් අප නිර්මාණය කලා. http://heenasittam.blogspot.com
මේ කලාපයේ කොටස් වශයෙන් පළ කිරීමට අවසර දීම සම්බන්ධව අප ඉෂාරා පෙරේරා නැමැති ග්‍රන්ථ කලාවට පිවිසෙන්න වෙර දරන්නියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඇය ට සාර්ථක ඉදිරි අනාගතයක් වේවා යි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.
මෙහි ඇය ගැන සදහනක් නැතිනම් ඒක ලොකු අඩුවක්. ඇය යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ (නුදුරු දිනයක දී වන්නි විශ්ව විද්‍යාලයේ) ජීව විද්‍යා අංශයේ දෙවන වසර සිසුවියක් වීම එහි සිටින අපට මහත් ආඩම්බරයකි. ඇය මේ වන විට රචනා කර අවසන් නිර්මාණ 13කි. වව්නියාවේ සිට 87 මාර්ගයේ කොළඹ දෙසට පැය 51/2 ක් ගියහම  ඉෂාරාගේ ගම හමුවෙනවා.  ඇය දක්ෂ ශිෂ්‍යාවකි. ඔන්න ඔය විදියට ඉන්න ඉෂාරා බැජ් ටොප් වුණා නේ. ඒක මේ මට කියලාම තමා මේකට දාගත්තේ හරිද...!
ඒ වගේම මේ පොතට ඡායාරූප දායකත්වය ලබා දුන් සියළුම කලා කරුවන් ඇතුළුව විශේෂයෙන් විධූෂ කැකුණවෙල සහෝදරයාට හා ඡායාරූපකරණයෙන් උදව් කල කෝසල මහතාට අප ස්තූති වන්ත වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...